Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 11:20:04 Hours

කෝපායි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ඒන්ජල් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්‍ෂ සහ යාපනය (Assembly of God Church) දේවස්ථානයේ ගරු සෑම් රාජසූරියර් පියතුමන් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පසුගිය සඳුදා (04) දින කෝපායි ප්‍රදේශයේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළේය.

මෙම අවස්ථාව සඳහා යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල හිමියන්, ගරු ජය ශ්‍රී පියතුමන්, කොන්ඩවිල් දේවස්ථානයේ ගරු කේ. රාජා පියතුමන්, යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සත්‍යමූර්ති මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. අභිමන්, කෝපායි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩබලන නිලධාරි වෛද්‍ය ශිව ෆාදර් මූර්ති, 511 වන බලසේනාවේ බලසේනාධිපති, 51 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු, 15 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ක්‍රිශාන්ත බස්නායක, මේජර් උපුල් විමලරත්න සහ කෝපායි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ උපදෙස් මත සංවිධානය කරන ලදී.