Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 11:30:04 Hours

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ යාපනය භටපිරිස් දැනුවත් වෙති

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ඒ සකීලා භානු මහත්මිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ‘කාබනික පොහොර නිෂ්පාදනය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (05) දින එක් දින වැඩමුළුවක් පැවැත්වූවේය. එහිදී, වගාවන් සඳහා භාවිතා කරන කෘමි නාශක හා වල් නාශක භාවිතයන් පිළිබඳ දැනුවත් කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.

මෙම වැඩමුළුව සඳහා නිලධාරින් 14 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 54 දෙනෙකු සහභාගී වූහ. එහිදී, කාබනික පොහොර වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා භාවිතා කරන ඊ.එම් දියර (EM liquid) නිෂ්පාදනය පිළිබඳ උසස් තාක්‍ෂණික දැනුමක් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ලබාදෙන ලදී.

වැඩමුළුව අවසානයේදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබූ ඒ සකීලා භානු මහත්මිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.