Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2021 12:50:42 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් අවශ්‍යතා සහිත තවත් පවුලක් වෙනුවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රජා සංවර්ධන වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ මූලිකත්වයෙන් තවත් අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකරදෙන ලදී. ඒ අනුව, බෝගස්වැව, 19 වන පටුමගේ වෙසෙන ආබාධිත කුඩා දරුවන් දෙදෙනෙකු සිටින ජේ.එම්.එස්. ජයලත් මහත්මියගේ පවුල වෙනුවෙන් ඉදිකරනු ලැබූ මෙම නව නිවස 2021 සැප්තැම්බර් මස 25 දින ඇය වෙත භාරදෙන ලදී.

එළඹෙන 72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය 56 වන සේනාංකයේ සේනාංකාධිපති සමඟ සාකච්ඡා කර ආරම්භ කරන ලදී. ඒ අනුව, 563 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය සහ මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුල්‍ය අනුග්‍රහකත්වය Lanka Automobile ආයතනයේ සභාපති සහ මණ්ඩල අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල මහතා විසින් සැපයූ අතර හෙතෙම මෙම නිවස විවෘත කිරීමේ අවස්ථාවට ද එක්වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා Lanka Automobile ආයතනයේ නියෝජිතයින්, 563 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා, 56 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩී.බී.ආර්.ඊ.ඩබ්ලිව්.එම්.එම්.ඩබ්ලිව්.එන්.කේ. මඩුගල්ල, 56 වන සේනාංකයේ ලුතිතන් කර්නල් ඩබ්ලිව්.කේ.ඒ.එස්. ප්‍රියන්තලාල් සහ 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එම්.ඒ.ජේ.එම්. පෙරේරා සහභාගී වූහ. කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙම අවස්ථාවට ආරාධිතයින් කිහිපදෙනෙකු පමණක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා සහභාගී වූවේය.