Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2021 13:21:42 Hours

පල්ලේකැලේ යුද්ධ හමුදා මූලික රෝහල වෙත ‘Serve Now’ සංවිධානයෙන් පරිත්‍යාගයක්

මේ වනවිට ඉදිකරමින් පවතින පල්ලෙකැලේ යුද්ධ හමුදා මූලික රෝහලේ ප්‍රයෝජනය සඳහා ‘Serve Now’ සංවිධානය මඟින් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදි. එම වෛද්‍ය උපකරණ ‘Serve Now’ සංවිධානයේ අධ්‍යක්‍ෂ ලාල් එන්. විතානගේ ගේ සම්බන්ධීකරණයෙන් රාගම මූලික යුධෝපකරණ ගබඩාව වෙත භාරදෙන ලදී.

පසුව, රාගම මූලික යුධෝපකරණ ගබඩාවේ සේනාවිධායක කර්නල් ඒ.ජී.සී.ආර්. අමරසිංහ විසින් එම වෛද්‍ය උපකරණ තොගය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ වෙත භාර දෙන ලදී.

එම සංවිධානය වෙතින් ඉදිරියේදීත් රෝහල් සඳහා මෙවැනි වෛද්‍ය උපකරණ පරිත්‍යාග සිදුකිරීමට බලාපොරොත්තු වන බව ‘Serve Now’ සංවිධානයේ නියෝජිතයින් විසින් එම අවස්ථාවේදී පැවසීය.