Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 12:00:04 Hours

නික්ම යන ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසකට ගෞරවාචාර

ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මේජර් ජෙනරල් සේන වඩුගේ 2021 ඔක්තෝබර් මස 02 දින දියතලාව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානයේදී එම ධූරයෙන් නික්ම ගියේය.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නික්ම යන ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, එතුමන්ගේ නික්ම යෑම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් සේන වඩුගේ එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

ඉන් අනතුරුව, එතුමන් නිලධාරින් සහ සෙසුනිලයින් අමතමින් ශ්‍රී ලංක යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ උපායමාර්ගික අරමුණු සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානය වෙතින් ඉටුකරනු ලබන කාර්යභාරය පිළිබඳ පැහැදිලි කළේය.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවති අතර එය කොවිඩ් - 19 වෛරසය පැතිරීම හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.