Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2021 12:21:42 Hours

නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 20 වන අධ්‍යක්‍ෂ ලෙස මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි පසුගිය අඟහරුවාදා (05) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

ආගමික වතාවත් මධ්‍යයේ නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි 54 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවූවේය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබීමෙන් පසු හෙතෙම මෙම ධූරය සඳහා පත්කරන ලදී.