Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2021 10:21:42 Hours

අවශ්‍යතා සහිත පවුල් 20 ක් වෙත කහ පැළ 400 ක් බෙදාදෙති

231 වන බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මඩකලපුව දිස්ත්‍රික්කයේ පුල්ලයාවේලි ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 20 ක ජීවන තත්ත්වය නඟා සිටුවමින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (05) දින ඔවුන් වෙත කහ පැළ 400 ක් බෙදාදුන්හ.

231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී. බණ්ඩාර ගේ උපදෙස් මත භටපිරිස් මෙම වැඩසටහන දියත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ කරදියනාරු කෘෂිකර්ම නිලධාරි සහභාගී වූහ.