Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 08:30:04 Hours

පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් වියළි සලාක පාර්සල් බෙදාදෙති

සිවිල් සමාජය හා යුද්ධ හමුදාව අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය සඳුදා (04) දින අක්කරෙයිපත්තු සහ අලයාඩිවෙබ්බු ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභි පවුල් 10 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින එම ප්‍රදේශයේ ජනතාව වෙත හාල්, පරිප්පු, බිස්කට් හා සීනි ආදී ද්‍රව්‍ය වලින් සමන්විත වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.

මේ අතර, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 1250 ක් සඳහා තවත් වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (01) දින සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා ගේ අධීක්‍ෂණයෙන් සහ 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා අබේකෝන් හා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ජී.එන්.ඩී. වීරසිංහ ගේ සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක වූහ.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන අණදෙන නිලධාරි සහ අක්කරෙයිපත්තුව නගරාධිපතිවරයා ද සහභාගී වූහ.