Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 07:30:04 Hours

යුද්ධ හමුදා භටපිරිස් අක්කරෙයිපත්තු වෙරළ තීරය පිරිසිදු කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනාව පරිසර හිකකාමී ව්‍යාපෘතියක් දියත් කරමින් ඉවත දමන ලද පොලිතින් සහ අපද්‍රව්‍ය හේතුවෙන් දූෂණයට ලක්ව ඇති සින්නමුත්තුවරම් සිට අක්කරෙයිපත්තු දක්වා දිවෙන වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා පසුගිය ඉරිදා (03) දින ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.සී. ළමාහේවා 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එම්.සී. අබේකෝන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ආලයාඩිවෙබ්බු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන දියත් කළහ.

මෙම අවස්ථාවට ආලයඩිවෙබ්බු ප්‍රාදේශීය ලේකම්, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ දෙවන අණදෙන නිලධාරි සහ භටපිරිස් සහභාගී වූහ.