Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 06:00:04 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් Oxygen Concentrator යන්ත්‍ර බෙදාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාවේ සහ 143 වන බලසේනාවේ භටපිරිස් පසුගිය දා ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ද සොයිසා රෝහල, කුරුණෑගල ශික්‍ෂණ රෝහල සහ කුලියාපිටිය රෝහල වෙත Oxygen Concentrator යන්ත්‍ර බෙදාදෙනු ලැබීය.

එම රෝහල්වල හදිසි අවස්ථා සඳහා භාවිතා කිරීමට මෙම Oxygen Concentrator යන්ත්‍රයන් පරිත්‍යාග කරන ලදී.  

මෙම වෛද්‍ය උපකරණ අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීමට පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකු විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කරන ලදී.  

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ලබාදුන් උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.