Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 07:00:04 Hours

සඳහිරු සෑයේ කොත් වහන්සේ වැඩම කරවන රථ පෙළපාලිය සඳහා 12 වන සේනාංකයේ භටපිරිස්වල සහය

සඳහිරු සෑයේ පැළදවීමට නියමිත චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා මේ වනවිට රථ පෙළපාලියකින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක් ඔස්සේ වැඩම කරවමින් සිටින අතර ඔක්තෝබර් මස 4 සිට 7 දින දක්වා එම රථ පෙළපාලිය මොණරාගල දිස්ත්‍රික්කයේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව හිමි වූහ. එම රථ පෙළපාලිය සඳහා අවශ්‍ය සහයෝගය ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ලබාදුන්හ.

මෙම චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා අගෝස්තු මස (05) දින සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විවෘත කරනු ලැබූ අතර මෙම රථ පෙළපාලිය දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක පිහිටි විහාරස්ථාන 48 ක් වෙත වැඩම කරවා දින 47 ක් සම්පූර්ණ කිරීමෙන් පසුව අනුරාධපුර පූජා භූමිය වෙත වැඩම කරවීමට නියමිතව ඇත.

මෙම පුණ්‍ය වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් හා 12 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබති.