Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 08:00:04 Hours

11 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් තවත් අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක සහ රෝදපුටු බෙදාදෙති

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය ඇතිව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංක මූලස්ථානයේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් යුතුව පසුගිය ඉරිදා (03) දින පාතහේවාහැට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පින්නගොල්ල, සිංහාරගම සහ දූල්මුරේ ග්‍රාම නිලධාරි වසම්වල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක පාර්සල් සහ රෝද පුටු බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ උපදේශක ටිකිරි කොබ්බෑකඩුව මහතා, ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ අධ්‍යක්‍ෂ මොහාන් සමරනායක මහතා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසු නිලයින් පිරිසක් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.