Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 13:24:04 Hours

58 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

58 වන සේනාංකයේ 17 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ පසුගිය අඟහරුවාදා (04) දින පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් චම්පක රණසිංහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ලෙස පත්වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ 58 වන සේනාංකයේ සේනාංකාධිපති ධුරයට පත්විය.

උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරමින් සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් හෙතෙම උණුසුම් අයුරින් පිළිගත්හ. පසුව, බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සංකේතවත් කළේය.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. පසුව, භටපිරිස් ඇමතු බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ සිය දැක්ම පිළිබඳ පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ. නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම, බ්‍රිගේඩියර් රෝහිත අළුවිහාරේ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක ධූරය හෙබවිය.