Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 09:00:04 Hours

නව රණවිරු සේවා අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 12 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් මංගල මායාදුන්න පසුගිය සඳුදා (30) දින රාජකාරි කටයුතු භාරගත්තේය. මීට ප්‍රථම, රණවිරු සේවා අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කළ බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ලෙස රාජකාරී භාරගැනිමෙන් අනතුරුව බ්‍රිගේඩියර් මංගල මායාදුන්න එම ධුරයට පත්කරන ලදී.

බ්‍රිගේඩියර් මංගල මායාදුන්න ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

බ්‍රිගේඩියර් මංගල මායාදුන්න මෙම ධුරයේ රාජකාරි භාරගැනීමට පෙර ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළේය.

මෙම අවස්ථාවට රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.