Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2021 11:00:04 Hours

66 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති රාජකාරි අරඹයි

පුනරීන් පිහිටි 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදවේ බ්‍රිගේඩියර් ලසන්ත රොද්‍රිගෝ ඉකුත් (03) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී ආරම්භ කළේය.

66 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් විසින් සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය.

පසුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව සේනාංකාධිපතිතුමන් එම ධූරයේ රාජකාරි කටයුතු භරගත්තේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

ඉන් අනතුරුව භටපිරිස් ඇමතු බ්‍රිගේඩියර් ලසන්ත රොද්‍රිගෝ සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූහ. එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 66 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

66 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් අජිත් දිසානායක ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 66 වන සේනාංකයේ නව සේනාංකාධිපති තනතුරට බ්‍රිගේඩියර් ලසන්ත රොද්‍රිගෝ පත්කරන ලදී.