Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2021 21:09:54 Hours

මේජර් ජෙනරල් චම්පක රණසිංහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයේ රාජකාරී අරඹයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි 23 වන ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් චම්පක රණසිංහ ඉකුත් සදුදා (04) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි වෙත සපැමිණි නව ආඥාපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව, නව ආඥාපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි රණවිරු ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පූෂ්පෝපහාර දැක්වූහ.

ඉන් අනතුරුව සරඹ භූමීය වෙත පිවිසි නව ආඥාපතිතුමන් වෙත 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

එම අවස්ථාවෙන් පසු සිය කාර්යාලය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගත්තේය. පසුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට එක් වූ එතුමන් පසුව භටපිරිස් අමතන ලදී. අනතුරුව හෙතෙම ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය.

මෙම උත්සව අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, බලසේනාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ධූරයේ රාජකාරි කළ මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනිමෙන් පසු මේජර් ජෙනරල් චම්පක රණසිංහ මෙම තනතුරට පත්කරන ලදී. මෙම නව පත්වීමට පෙර එතුමන් 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරන ලදී.