Header

Sri Lanka Army

Defender of the Nation

03rd October 2021 15:25:25 Hours

විශ්‍රාම දිවියට පා තබන වන්නි - ආරක්‍ෂක සේනා ආඥාපති වෙත ගෞරවාචාර

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර 2021 ඔක්තෝබර් මස 02 දින සිය දූරයෙන් නික්ම ගියේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ධූරය හෙබවූ 22 වන ආඥාපතිවරයා වශයෙන් මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර කටයුතු කළ අතර, මේජර් ජෙනරල් චම්පක රණසිංහ එම ධූරයේ රාජකාරීන් භාර ගැනීමට නියමිතව ඇත.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි පැවති මෙම උත්සවය කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් සරලව පැවැත්වූ අතර, එහිදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර වෙත පිරිනැමූහ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ. එහිදී, භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සියළුදෙනා වෙත සිය ස්තූතිය පුදකළේය.