Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 17:55:46 Hours

යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ‘අභිමංසල - 3’ හි සංචාරයක

නව පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ලෙස පසුගියදා රාජකාරි භාරගත් බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් සැප්තැම්බර් මස 29 වන දින කුරුණෑගල පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල - 3’ සංචාරයක නිරත විය.

එහිදී, නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න, ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ එහි කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්වූහ.