Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 18:00:46 Hours

යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් මුලතිව් ප්‍රදේශයේ වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිනොෆාර්ම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භටපිරිස් සහ පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරින් එක්ව සිනොෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් එම ප්‍රදේශයේ වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීමේ ජංගම එන්නත්කරණ වැඩසටහනක් සැප්තැම්බර් මස 29 දින දියත් කරන ලදී.

මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරින් සමග එක්ව ක්‍රියාත්මක කෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ සහ 68 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.