Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 17:50:46 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා නායකත්ව සංවර්ධන වැඩමුළුවක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායකගේ මඟපෙන්වීම මත එම බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ‘නායකත්ව සංවර්ධන වැඩමුළුවක්’ 2021 සැප්තැම්බර් මස 27 සහ 28 යන දෙදින පුරා පැවැත්විණි.

මෙම වැඩමුළුවේදී ප්‍රවීණ උපදේශක විශ්‍රාමික බළලත් නිලධාරි අයි.කේ.ආර්.ඒ. සෙනවිරත්න සහ විශ්‍රාමික බළලත් නිලධාරි අයි. වඩුගේ පියරත්න විසින් විනය, හැසිරීම් රටාවන්, පෞරුෂ වර්ධනය සහ පිරිස් කළමනාකරණය යන තේමාවන් ඔස්සේ දේශන සිදුකරමින් වැඩමුළුවට සහභාගිවූ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ඒ පිළිබද දැනුවත් කරන ලදී.

එහිදී, ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ වර්තමාන භූමිකාව’ යන තේමාව ඔස්සේ බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස විසින් හරවත් දේශනයක් සිදුකරන ලදී. මෙම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 98 දෙනෙකු සහභාගී වූහ.

අනාගත අභියෝගයන්ට මුහුණදීම සඳහා පවත්වනු ලැබු මෙම නායකත්ව සංවර්ධන වැඩමුළුවේ කාලෝචිත වැදගත්කම අවධාරණය කරමින් ආරම්භක දේශනය සහ අවසන් දේශනය නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මෙන්ම සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහ සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් විසින් සිදුකරන ලදී.