Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 18:15:08 Hours

කෘතවේදීත්වය දක්වමින් යුද්ධ හමුදා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇඳන් 5 ක් පරිත්‍යාග කරයි

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී ලුතිනන් කර්නල් වෛද්‍ය එස්.ආර්. පතිරාජ සහ එම මැතිණිය වන සී. පතිරාජ මහත්මිය විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොවිඩ්-19 දැඩි සත්කාර ඒකකයට රුපියල් 5,50,000.00 ක වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඇදන් 5 ක් පරිත්‍යාග කරන ලදී.

මීට සති කිහිපයකට පෙර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කොළඹ යුද්ධ හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී ලුතිනන් කර්නල් වෛද්‍ය එස්.ආර්. පතිරාජ වෙත ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කෘතඥතාවය පළකරමින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

මෙම පරිත්‍යාගය විශ්‍රාමික ලුතිනන් කර්නල් වෛද්‍ය එස්.ආර්. පතිරාජ සහ මේජර් වෛද්‍ය කවිතා පතිරාජ විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කර්නල් චම්පික අබේසිංහ වෙත භාරදෙන ලදී.