Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 18:30:08 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් අඹේගොඩ ළමා නිවාසයට සංග්‍රහයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ලෝක ළමා දිනයට සමගාමීව බණ්ඩාරවෙල, අඹේගොඩ සිරිසඟබෝ ළමා නිවාසයේ නේවාසික ළමුන්ට රසවත් පීසා ආහාර වේලක් (Pizzas), නැවුම් එළවළු සහ මුඛ ආවරණ ඇතුළු සනීපාරක්‍ෂක උපකරණ ඉකුත් සිකුරාදා (01) දින පිරිනමන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව බණ්ඩාරවෙල පීසා හට් ආයතනය විසින් මේ සඳහා අනුග්‍රහකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.