Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 15:00:29 Hours

613 වන බලසේනාවේ භටපිරිස් විහාරස්ථාන පරිශ්‍රයක් පිරිසිදු කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 613 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින රට ලංකාවත්ත විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කුගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතියෙන් පසු එම විහාරස්ථානයේ විහාරාධිපති ප්‍රමුඛ මහා සංඝරත්නය 613 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු එම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදා භටපිරිස් වෙනුවෙන් විශේෂ අනුශාසනාවක්ද පැවැත්වූහ.