Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 15:30:29 Hours

දියතලාව ප්‍රදේශයේ නවතමයෙන් ස්ථාපනය කරන ලද සුභසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේ

දියතලාව ප්‍රදේශයේ යුද්ධ හමුදාව සාමාජිකයන් සඳහා දෛනික අවශ්‍යතාවයන් සැපයීම වෙනුවෙන් 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් දියතලාවේ පිහිටි ‘සෙන්ට්‍රල් සුපර්’ යුද්ධ හමුදා සුභ සාධන වෙළද සැල ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම සුභසාධන වෙළඳ සැල ඉකුත් බදාදා (29) දින ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් විවෘත කරනු ලැබු අතර, නව සුභසාධන වෙළඳසැල තුළ සියළුම ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහන මිල ගණන් යටතේ ලබාගැනීමට හැකියාව පවතින අතර වෙළඳ සැල සන්ධ්‍යාව වනතුරු විවෘතව පවතී.

විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.