Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 16:00:29 Hours

විශේෂ බලකා භටපිරිස් පරිත්‍යාග ශීලියෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ජනතාවට වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙති

නාවුල විශේෂ බලකා රෙජිමේන්තුවේ භටපිරිස්වල සම්බන්ධතාවයෙන් එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 29 ක් අතර වියළි ආහාර සලාක පාර්සල් 29 ක් බෙදාදෙන ලදී.

විශේෂ බලකා රෙජිමේන්තුවේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලියෙකු වන ලහිරු අබේවික්‍රම මහතාගේ අනුග්‍රහය ඇතිව රුපියල් 7500.00 ක වටිනාකමකින් යුත් එක් පාර්සලයක සහල්, පරිප්පු, පිටි, සීනි, ටින් කළ ආහාර, කුළුබඩු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වන අතර, එවැනි වියළි සලාක ආහාර පාර්සල් 29 ක් යුද්ධ හමුදා භටපිරිස් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සමඟ එක්ව විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් හදුනාගෙන බෙදා දුන්හ.

යුද්ධ හමුදා කඳවුර අවට සිවිල් ප්‍රජාවන් සමඟ පවතින අනයෝන්‍ය බැදීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා විශේෂ බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ, නිලධාරීන්, සෙසුනිලයින් සහ පරිත්‍යාගශීලීන්ගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ.