Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 14:15:54 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කළ ඔක්සිජන් මාපක (Oximeters) ස්වයං නිරෝධායනය වන පවුල් අතර බෙදාදෙයි

පසුගියදා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරන ලද ඔක්සිජන් මාපක (oximeters) අතුරුගිරිය, කොට්ටාව සහ අංගොඩ යන ප්‍රදේශවල ස්වයං නිරෝධායනය වන අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදෙන ලදී. ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භටපිරිස් විසින් සැප්තැම්බර් මස 29 වන දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, සිරුරේ ඔක්සිජන් මට්ටම මැනිය හැකි ඔක්සිජන් මාපක (Oximeters) මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සහ වෛද්‍ය නිලධාරින්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනය වන අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදුන්හ.

ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා අත්‍යාවශ්‍ය ඔක්සිජන් මාපක (Oximeters) අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදීම සඳහා විවිධ පරිත්‍යාගශීලින් විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කරනු ලබයි.

ඒ අනුව, පරිත්‍යාග කරන ලද ඔක්සිජන් මාපක (Oximeters) බෙදාදීමේ මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති ලබාදුන් උපදෙස් මත ක්‍රියාවට නැංවිණි.