Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 14:24:12 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් මෘත දේහ තැන්පත් කිරීම සඳහා කන්ටේනර් බහාලුමක් අලුත්වැඩියා කරයි

කිලිනොච්චි දිසා රෝහලේ මෘත ශරිරාගාරයේ ඉඩ පහසුකම්වල පවතින අවශ්‍යතාවය පිලිබඳ සැලකිල්ලට ගනිමින්, ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි යටතේ සේවයේ නියුතු භටපිරිස් කඩිනමින් අඩි 20 ක කන්ටේනර් බහාලුමක් මෘත ශරිරාගාරයක් ලෙස වැඩිදියුණු කර පසුගියදා රෝහල් බලධාරින් වෙත භාරදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ලබාදුන් උපදෙස් මත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ගේ අධික්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකෙරිණි.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එන්. සර්වනබවන් මහතා සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය ආර්. ධනුශන් මහතා විසින් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි මේජර් ජෙනරල් එච්.එම්.එච්.එන්. හේරත් ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෘත දේහ තැන්පත් කිරීම සඳහා කන්ටේනර් බහාලුමක් නව මෘත ශාරිරාගාරයක් ලෙස අලුත්වැඩියා කෙරිණි.

7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අලුත්වැඩියා කළ මෙම කන්ටේනර් බහාලුම තුළ එකවර මෘත දේහ 11 ක් තැන්පත් කිරිමේ හැකියාව පවති.