Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 17:30:29 Hours

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල්වලට වියලි සලාක පාර්සල් බෙදාදෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සිය ධුරයෙන් නික්මයාමට ප්‍රථම මන්නාරම පිහිටි 54 වන සේනාංක මුලස්ථානයේ ඉකුත් අඟහරුවාදා (28) දින සංචාරයක නිරත විය.

එම සංචාරය අතරතුරදී, මාලබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ දෙවන වසරේ ශිෂ්‍ය කණ්ඩායම විසින් ලබාදුන් අනුග්‍රහකත්වය මත මන්නාරම ප්‍රදේශයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල් වෙත වියළි සලකා පාර්සල් බෙදාදීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර එක්විය.

54 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් පිළිගත්තේය. පසුව, 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත පිරිනැමුවේය.

පසුගියදා අතිගරු ජනාධිපතිතුමන් විසින් ජනාධිපති සමාව ලබාදුන් හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයින්ගේ පවුල් වෙත මෙම වියළි සලාක පාර්සල් බෙදාදුන් අතර එම වැඩසටහන 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ උපදෙස් මත 541 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් අබේවර්ධන ගේ අධික්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, සිය ධුරයෙන් රාජකාරි ඉටුකිරීමේදී 54 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් ලබාදුන් සහයෝගය වෙනුවෙන්ද සිය මෙහිදි ස්තූතිය පුද කළේය. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම අවස්ථාව සඳහා සියලුම බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් එක්වූහ.