Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2021 14:20:04 Hours

හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

හිටපු යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් සැප්තැම්බර් මස 24 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.

එම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරල් වසන්ත මාදොල වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් පිරිනැමීය.

නිලධාරි නිවස්නයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් අනතුරුව මෙම උත්සවය අවසන් විය.

සෞඛ්‍යාරක්‍ෂිත මර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවය සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් ඉලංගකොන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වූහ.