Header

Sri Lanka Army

Defender of the Nation

30th September 2021 14:32:50 Hours

‘ලෝක හදවත් දින’ සැමරුම් උත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

කළුතර - නාගොඩ දිස්ත්‍රික් මහා රෝහල් පරිශ්‍රයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින ‘ලෝක හදවත් දිනයට’ සමගාමීව සංවිධානය කරනු ලැබු සැමරුම් උත්සවයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක, රෝහල් අධ්‍යක්‍ෂ, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, සායන සංකීර්ණය සහ හෘද රෝග ඒකකයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය වසන්ති රත්නායක මහත්මිය සහ කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් පිළිගන්නා ලදී.

ඉන් පසුව රෝහල් පරිශ්‍රයේ පිහිටි හෘද රෝග වාට්ටු සහ විද්‍යාගාරය නිරික්‍ෂණය කල යුද්ධ හමුදාධිපතිතුමන් රෝහලේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබුවේය.

උත්සවය අතරතුරදී, ජාත්‍යන්තරව පිළිගත් ලෝක හදවත් දිනය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් රතු බැලුන් කිහිපයක් ගුවනට මුදා හරින ලදී.

හෘද රෝග පිළිබඳ දැනුවත් කිරීම සහ ලෝකය තුළ හෘද රෝග පාලන කරන්නේ කෙසේද යන්න අරමුණු කරගනිමින් වාර්ෂිකව ලොවපුරා ‘ලෝක හදවත් දිනය’ සමරනු ලබයි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් රෝහල් ශ‍්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා විසින් පිළිගත්තේය. පසුව, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු, පැමිණ සිටි පිරිස අමතමින් උත්සවයේ වැදගත්කම පැහැදිලි කළේය.

එහිදි, මෙම උත්සවය සඳහා ආරාධනා කිරීම පිළිබද සිය කෘතඥතාවය පුද කල යුද්ධ හමුදාධිපතිතුමන් රට තුළ හෘද රෝග බහුලව වාර්තා වීම හේතුවෙන් මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම සමරුම් උත්සවයට වෛද්‍යවරුන්, හෙදියන් සහ රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයින් සහභාගි වූහ.

හෘද රෝග සහ හෘදයාබාධ, අංශභාගය සහ ඒ හා සම්බන්ධ වෙනත් ඕනෑම රෝගී තත්ත්වයක් පිළිබඳව මිනිසුන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් සෑම වසරකම සැප්තැම්බර් මස 29 වන දින ‘ලෝක හදවත් දිනය’ සමරනු ලබයි.

හදවත් ආශ්‍රිත රෝග වලින් සාමාන්‍යයෙන් සෑම වසරකම මිලියන 17 කට වැඩි පිරිසක් මිය යති. මෙය එච්.අයි.වී, මැලේරියා සහ පිළිකා යන රෝගි තත්ත්වයන්ගෙන් මියයන මිනිසුන්ට වඩා වැඩිය. ලෝක හෘද සම්මේලනය විසින් 2000 වසරේදී ‘ලෝක හදවත් දිනය’ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සෑම වසරකම ‘ලෝක හදවත් දිනය’ සමරනු ලබයි.