Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2021 18:47:17 Hours

54 වන සේනාංකයේ භටපිරිස් පසුගිය සති දෙක තුළ නීතිවිරෝධි ලෙස ජාවාරම් කළ කහ කිලෝග්‍රෑම් 1522 ක් සොයා ගනී

54 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය සති කිහිපය තුළදී බුද්ධි අංශ සහ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 10 කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී කහ කිලෝග්‍රෑම් 1522 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 600 ක් මෙන්ම නීති විරෝධීව ගොඩ දමන ලද වැලි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව යුද්ධ හමුදා භටපිරිස් මන්නාරම පාලම අසලදී සහ මන්නාරම - මැදවච්චිය මාර්ගයේ කුංචිකුලම් ප්‍රදේශයේදී සැප්තැම්බර් 07, 15 සහ 22 දිනවල සිදුකල සෝදිසි මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධි කහ කිලෝග්‍රෑම් 548 ක් අත්අඩංගුවට ගෙන ඇත.

තවද බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව 2021 සැප්තැම්බර් මස 17 සහ 23 යන දෙදින තුළදී මන්නාරම වෙරළ තීර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී නීතිවිරෝධි කහ කිලෝග්‍රෑම් 974 ක් සොයාගැනීමට භටපිරිස් සමත් වූහ.

එසේම, නීතිවිරෝධී ලෙස ගොඩදැමු වැලි පැටවු ට්‍රැක්ටර් රථ දෙකක් සැප්තැම්බර් මස 11 සහ 20 යන දිනවල අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ප්‍රදේශවල මුර සංචාරය කරමින් සිටි භටපිරිස් නීති විරෝධී මත්පැන් තොගයක්ද සැප්තැම්බර් මස 22 දින අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්දියාවේ සිට තලෙයි මන්නාරම හරහා ධීවරයින් විසින් මෙරටට ගෙන්වු මෙම නීති විරෝධී කහ අධික මිල ගණන් යටතේ වෙළඳපලට ලබාදීමට කටයුතු සැලසුම් කර තිබිණි.

54 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් මන්නාරම දිස්ත්‍රික්කයේ කේරළ ගංජා ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම මැඩපැවැත්වීම සඳහා තවදුරටත් මෙහෙයුම් දියත් කරමින් සිටියි.