Header

Sri Lanka Army

Defender of the Nation

28th September 2021 16:01:51 Hours

මූතූර් නාඩතිව් කලපුවේ කඩොලාන පැළ 200 ක් රෝපණය කිරිම සඳහා යුද්ධ හමුදාවේ සහය

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 223 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මූතූර්, නාඩතිව් කලපුවේ කඩොලාන පැළ 200 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මුතූර් වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම ප්‍රදේශයට සිදුවිය හැකි පාරිසරික බලපෑම පිලිබඳ සලකා බලමින් 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙම අවස්ථාවට වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අරුණ ගමගේ මහතා, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්. රාජගුරු සහ 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි මේජර් එන්. කඩදර ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.