Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2021 06:00:18 Hours

කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකීක වෛද්‍යවරියක් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකීක වෛද්‍යවරියක් විසින් පසුගියදා අනුරාධපුර යුද්ධ හමුදා රෝගල වෙත පරිත්‍යාග කරන ලදී.

කැනඩාවේ පදිංචි වෛද්‍ය චිත්‍රලේකා අබේසිංහ මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පරිත්‍යාගශීලින් පිරිසක් විසින් ‘oxygen regulators’ 5 ක් සහ ‘cylinder oxygen regulators’ 5 ක් මෙලෙස පරිත්‍යාග කරන ලදී.

මෙම වෛද්‍ය උපකරණ කට්ටල පරිත්‍යාගශීලින් විසින් යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ, කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කර්නල් චම්පිකා අබේසිංහ සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ගීතිකා ජයවීර වෙත නිල වශයෙන් භාරදුන්හ.

මෙලෙස පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ කට්ටල අනුරාධපුර යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා එම රෝහලේ කපිතන් ඩී. එස්. බණ්ඩාර වෙත භාරදෙන ලදී.