Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2021 17:30:35 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මුලස්ථානයේ 27 වන සංවත්සරයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මුලස්ථානයේ 27 වන සංවත්සරයට සමගාමීව ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් ඉකුත් අඟහරුවාදා (14) දින සිදුකෙරිණි.

ඒ අනුව, කොළඹ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය වැව් බැම්ම ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ කඳවුරු පරිශ්‍රයේ අඹ පැළ 100 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් සංවත්සරයට සමගාමීව ක්‍රියාවට නැංවිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් ටී.එම්. අබේරත්න ගේ අධීක්‍ෂණය යටතේ දියත් කළ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේද ආශිර්වාදය හිමිවිය.

මෙම රුක් රෝපණ වැඩසටහනට එම මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් එක්වූහ. ඊට අමතරව සංවත්සරයට සමගාමීව ආශිර්වාද එක්කිරීමේ ආගමික වැඩසටහන් කිහිපයක් ද පැවැත්විණි.