Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2021 09:45:35 Hours

නීතිවිරෝධි ලෙස ජාවාරම් කළ කහ සහ එනසාල් තොගයක් සැකකරුවන් සමඟ අත්අඩංගුවට

66 වන සේනාංකය යටතේ ස්ථාපිත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බදාදා (22) දින වෙට්ටකාඩු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී කහ කිලෝග්‍රෑම් 2350 ක් සහ එනසාල් කිලෝග්‍රෑම් 50 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පූනරීන් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මත්ද්‍රව්‍ය, මත්කුඩු සහ ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධි ක්‍රියාවන් මැඬපැවැත්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් සඳහා අඛණ්ඩ සහයෝගයක් ලබාදෙමින් ත්‍රිවිධ හමුදා භටපිරිස් විසින් මුලතිව් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි ලෙස ජාවාරම් කළ කහ විශාල ප්‍රමාණයක් මේ වනවිට සොයාගෙන ඇත.