Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 15:35:35 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය බදාදා (22) දින ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින්3 වන ඉංජිනේරු සේවා බලකාය වෙත සපැමිණිමේජර් ජෙනරල් චන්න වීරසූරියඑම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් කේ. හෙට්ටිආරච්චි විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියවෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

ඉන් අනතුරුව,මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී භටපිරිස් ඇමතූආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිරමේජර් ජෙනරල් චන්න වීරසූරියයුද්ධ හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය ජීවිතයේ විවිධ වෘත්තීන් සඳහාපුහුණුවේ ඇති වැදගත්කම සහවිනය ඉහළම ප්‍රමිතියකින් යුතුව පවත්වාගැනීම පිළිබඳව දැනුවත් කළේය.

තවද, යුද්ධ හමුදාවේ කීර්තිනාමය ආරක්‍ෂා කිරීම සඳහාඅක්‍රමිකතා සහ වැරදි ක්‍රියාවන්ගෙන් වළකින ලෙසත් මේජර් ජෙනරල් චන්න වීරසූරිය එහි රැස්ව සිටිසියළු නිලධාරින් වෙත උපදෙස් ලබාදෙන ලදී.

පසුව, 3 වන ඉංජිනේරු සේවා බලකායේඉදිකරනු ලැබූ නව බැඩ්මින්ටන් පිටියඑම පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකදී භටපිරිස්වල ප්‍රයෝජනය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ සුරතින් විවෘත කළේය.

පසුව, මින්නේරිය 4 වන පොදු ප්‍රවාහන බලඝණයේ සංචාරය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියඑම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සංචාරය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියඑම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්. පිලුප්පුආරච්චි විසින් පිළිගනු ලැබුවේය.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ජගත් වීරකෝන් ද සහභාගී විය.