Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2021 19:54:27 Hours

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා එන්නත් ලබාදීම ලබන සිකුරාදා (24) දින ආරම්භ කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

අතිගරු ජනාධිපතිතුමන් නිව්යෝක් නුවර සිට ඊයේ (21) දින ලබාදුන් උපදෙස් මත එළඹෙන සිකුරාදා (24) දින සිට වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12-19 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබාදෙන බවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (22) දින උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ලදී.

“මෙම ව්‍යාපෘතිය මුලින්ම අනුරාධපුර සහ කුරුණැගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආරම්භ කර පසුව වයස අවුරුදු 15-19 ත් අතර ළමුන් ඉලක්ක කරගනිමින් අනෙකුත් දිස්ත්‍රික්කවලද ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම මාරාන්තික වෛරසය පාලනය කිරීමේ විවිධ පියවරයන් සඳහා පූර්ව සහයෝගය ලබාදුන් සියලු ශ්‍රී ලාංකිකයින්ට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරනවා. මෑත අතීතයේ ඔබ සියලුදෙනාම සිදුකළ කැපකිරීම්, මුහුණදුන් විවිධ දුෂ්කරතාවල ප්‍රතිඵල ලෙස මේ වනවිට කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සහ මරණ අනුපාතය අඩු වී ඇත.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

අද (22) දින උදෑසන වනවිට ගතවූ පැය 24 තුළ කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 1,321 දෙනෙකු වාර්තා වී ඇත. ඔවුන් අතරින් වැඩි ප්‍රමාණයක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඒ ආසාදිතයින් 170 ක් වශයෙනි. එමෙන්ම, පානදුර දකුණෙන් ආසාදිතයින් 49 ක්, කළුතර උතුරෙන් ආසාදිතයින් 30 ක්, බණ්ඩාරගම සහ කළුතර දකුණෙන් ආසාදිතයින් 18 බැගින් ද වාර්තා වේ.

ඒ අනුව, කළුතර, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 436 ක් වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් ආසාදිතයින් 885 දෙනෙක් වාර්තා වූ අතර ඒ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 78 බැගින් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 73 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 16 ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 24 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 04 ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 04 ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10 ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 26 ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 ක් වශයෙනි.

මෙම මාධ්‍ය නිවේදනයේ සම්පූර්ණ හඬපටය පහතින් දැක්වේ: