Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 15:30:35 Hours

මානසික සුවපත්භාවය පිළිබඳ 11 වන සේනාංකයේ භටපිරිස් දැනුවත් කෙරේ

මානසික සුවපත්භාවය සහ මනෝවිද්‍යාත්මක යහපැවැත්ම පිළිබඳ 11 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2021 සැප්තැම්බර් මස 15 දින පැවැත්විණි.

එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ පල්ලේකැලේ පිහිටි ‘ලීනියා ක්ලෝතින් පුද්ගලික සමාගම’ (Linea Clothing Pvt Ltd) සමඟ එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවේ දේශන මනෝ උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන සහ මනෝවිද්‍යා උපදේශිකා ස්වර්ණා ඒකනායක යන මහත්ම මහත්මින් විසින් පවත්වන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ආතතිය දුරු කිරීම සහ මානසික සෞඛ්‍ය ඉහළ මට්ටමක පවත්වාගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් සංවිධානය කළ මෙම වැඩමුළුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගේ මඟපෙන්වීම මත පවත්වන ලදී.

මෙම වැඩමුළුව මෙහෙයවූ දේශකයින්ට කෘතඥතාවය පුද කරමින් සමරු තිළිණ ද ප්‍රදානය කරන ලදී.