Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 15:15:35 Hours

මුලතිව් හිදී පැවති දමිළ භාෂා පාඨමාලා අංක 45 සාර්ථකව අවසන්

මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දමිළ භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් පවත්වනු ලැබූ දමිළ භාෂා පාඨමාලා අංක 45 සාර්ථකව අවසන් විය. පාඨමාලාවේ සහතිකපත් බෙදාදීමේ උත්සවය පසුගිය බදාදා (15) දින 59 වන සේනාංක මූලස්ථානයේදී සිදුකෙරිණි.

මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පාඨමාලාව 2021 ජූලි මස 07 දින සිට 2021 සැප්තැම්බර් මස 15 දින දක්වා පැවැත්විණි.

පාඨමාලාවේ සහතිකපත් බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර සහභාගි විය. එහිදී, පාඨමාලාව සර්ථකව අවසන් කළ යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතූ මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර ඔවුන් වෙත සහතිකපත් ප්‍රදානය කළහ.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම අවස්ථාව සඳහා 593 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත පාලම්කුඹුර ඇතුළු 59 වන සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් සහ ඒ යටතේ ස්ථාපිත බලඇණිවල අණදෙන නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.