Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 13:30:35 Hours

වෛද්‍ය නිලධාරින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ භටපිරිස් ජාතික එන්නත්කරණ වැඩසටහනට සහයෝගය දක්වයි

අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එන්නත්කරණ වැඩසටහන් දියත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ භටපිරිස් සමඟ එක්ව පසුගිය දින 4 තුළ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පානදුර, ඉංගිරිය සහ හොරණ යන ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එන්නත්කරණය සිදුකරන ලදී.

මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන සාර්ථකව දියත් කිරීම සඳහා යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ කණ්ඩායමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සහයෝගයද හිමිවූහ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මාර්ගෝපදේශ මත දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජංගම එන්නත්කරණ වැඩසටහන් ඇතුළු එන්නත්කරණ වැඩසටහන් රැසකට යුද්ධ හමුදා සාමාජිකයින් සිය දායකත්වය ලබාදෙනු ලබයි.