16th September 2021 12:06:32 Hours
කොවිඩ්-19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් මිසෝරි ප්‍රාන්තයේ ඇමරිකානු ශ්‍රී ලංකා පදනම සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ධර්ම විජය විහාරය වෙතින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ කට්ටල මතුගම හොරණ මහ රෝහල වෙත භාරදෙන ලදී.
එහිදී, ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා Filter සහ Tube ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ සම්බන්ධීකරණ නිලධාරි කර්නල් අයි.ඩී.ඩී. ප්‍රනාන්දු සමඟ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ අණදෙන නිලධාරි මේජර් යූ.එම්.පී. උඩුකුඹුර එක්ව එම වෛද්‍ය උපකරණ තොගය හොරණ සහ මතුගම දිසා රෝහල් බලධාරින් වෙත බෙදාදීමට කටයුතු කරන ලදී.