Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2021 19:02:46 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් කුඩා දරුවන් සිටින පවුල් 55 කට කිරිපිටි බෙදාදෙති

කොළඹ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරියෙකුගේ අනුග්‍රාහකත්වය මත 111 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් කුඩා දරුවන් සිටින අඩු ආදායම්ලාභි පවුල් 55 ක් අතර කිරිපිටි පැකට් 110 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (15) දින මාතලේ ශ්‍රී ශාක්‍යසිංහාරාමයේදී සංවිධානය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාලිගාතැන්න සහ දියබුබුල යන ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරින් සමඟ සම්බන්ධතාවයෙන් තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී, කොළඹ ප්‍රදේශයේ පදිංචි පෙරේරා මහත්මියගේ අනුග්‍රාහකත්වය මත එක් පවුලක් සඳහා ග්‍රෑම් 450 කින් යුත් කිරි පැකට් 2 බැගින් ලබාදීමට කටයුතු කරන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම වැඩසටහන සඳහා මාතලේ ශ්‍රී ශාක්‍යසිංහාරාමයේ විහාරාධිපති පූජ්‍ය කන්දකැටිය රේවත හිමිපාණන්, 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක සහ අදාළ ග්‍රාම නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරිණි. යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් කුඩා දරුවන් සිටින පවුල් 55 කට කිරිපිටි බෙදාදෙති

කොළඹ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරියෙකුගේ අනුග්‍රාහකත්වය මත 111 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් කුඩා දරුවන් සිටින අඩු ආදායම්ලාභි පවුල් 55 ක් අතර කිරිපිටි පැකට් 110 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (15) දින මාතලේ ශ්‍රී ශාක්‍යසිංහාරාමයේදී සංවිධානය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාලිගාතැන්න සහ දියබුබුල යන ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරින් සමඟ සම්බන්ධතාවයෙන් තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී, කොළඹ ප්‍රදේශයේ පදිංචි පෙරේරා මහත්මියගේ අනුග්‍රාහකත්වය මත එක් පවුලක් සඳහා ග්‍රෑම් 450 කින් යුත් කිරි පැකට් 2 බැගින් ලබාදීමට කටයුතු කරන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම වැඩසටහන සඳහා මාතලේ ශ්‍රී ශාක්‍යසිංහාරාමයේ විහාරාධිපති පූජ්‍ය කන්දකැටිය රේවත හිමිපාණන්, 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක සහ අදාළ ග්‍රාම නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරිණි.