Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2021 14:22:50 Hours

අභිනවයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ධූරයේ රාජකාරි ඉටුකරනු ලබන මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත නිල ලාංඡන පැළඳවුවේය.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් නව උසස්වීම් ලැබූ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා වෙත සිය සුභපැතුම් එක් කරමින් ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන එ්කක වෙනුවෙන් සිදුකළ හැකි කාර්යභාරය පිළිබඳ කරුණු විමසා සිටියහ. තවද, යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලසුම් සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද වෙතින් දැක්වීමට බලාපොරොත්තු වන කාර්යභාරය පිළිබඳ තොරතුරු සාකච්ඡා කරන ලදී.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වාට ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ බලය හා අධිකාරිය සංකේතවත් කරන අසිපත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ප්‍රදානය කරනු ලැබි‍ණි.‍පසුව, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ධූරයේ රාජකාරි මැනවින් ඉටුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සිය සුභපැතුම් ද එක්කළේය. අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබඳ සිය කෘතඥතාවය එහිදී පුදකළේය.