Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 13:00:35 Hours

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ 62 වන සේනාංකයේ භටපිරිස් දැනුවත් කෙරේ

කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ 62 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සම්බන්ධීකරණයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින පවත්වන ලදී. මෙම වැඩසටහන 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ලබාදුන් උපදෙස් මත වැලිඔය පිහිටි එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන ප්‍රාදේශීය කෘෂිකාර්මික ව්‍යාපෘති නියෝජ්‍ය කළමණාකරු ඒ.එම්.එස්. අබේරත්න මහතා සහ මහවැලි ‘L’ කලාපයේ කෘෂිකර්ම උපදේශක ඩබ්ලිව්.එම්.ඒ.කේ.යු. වන්නිනායක මහතා විසින් මෙහෙයවන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම වැඩසටහන සඳහා කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ නියැලී සිටින 62 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්වල භටපිරිස් සහභාගි වූහ.