Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 15:00:35 Hours

19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභිනවයෙන් ඉදිකළ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කෙරේ

මුලන්කාවිල් ප්‍රදේශයේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණි මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකල කාර්යාල ගොඩනැගිල්ල ඉකුත් සිකුරාදා (17) දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ සුරතින් විවෘත කෙරිණි.

19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.ටි.එල්. සෙනෙවිරත්න ලබාදුන් උපදෙස් හා මඟපෙන්වීම මත එම ඒකකයේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහයෝගය ඇතිව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය අභිනවයෙන් ඉදිකරන ලදී.

නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී සුභමොහොතින් පොල්තෙල් පහන දල්වා, එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමුහ ඡායාරූපයකට එක්වූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මෙම අවස්ථාවට සහභාගි වූ භටපිරිස් ද ඇමතූවේය.

පසුව, අණදෙන නිලධාරි විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත විශේෂ සමරු තිළිණයක් එහිදි පිරිනැමුවේය.

මෙම උත්සවය සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්විණි.