Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 08:00:35 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින මුහුදු මහා විහාරයේ ඉඩම් මැනීමේ ගැටළුව පිළිබඳ සොයාබැලීම සඳහා එම විහාරස්ථාන පරිශ්‍රයේ සංචාරයක නිරතවිය.

එම සංචාරය අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය සමඟින් මුහුදු මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි හිමිපාණන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩි.එම්.එල්. බණ්ඩාරනායක මහතා, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා, 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොතුවිල් ප්‍රාදේශීය ලේකම්, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් මුහුදු මහා විහාරයේ ඉඩම් මැනීමේ ගැටළුව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය කෝමාරි ප්‍රදේශයේ පිහිටි 242 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරතවිය. එහිදි ආරක්‍ෂක සේනා ආඥාපති භටපිරිස් අමතමින් සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් නිරන්තර පුහුණුව තුලින් කැපවීමෙන් හා ඔවුන්ගේ වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කරගනිමින් පවරා ඇති රාජකාරි නිසි ලෙස ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කළේය. තවදුරටත් සිය දේශනය පවත්වමින් එතුමන් සියලු නිලයන්ගේ විනය ඉහළ මට්ටමකින් පවත්වාගනිමින් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ඉකුත් සිකුරාදා (17) දින දීඝවාපිය චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා එම පරිශ්‍රයේ සංචාරයක නිරත වෙමින් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙස වගකිව යුතු නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය. පසුව අම්පාර මානික්කමඩු විහාරස්ථානය වැඳ පුදාගත් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අඹගහපිටියේ සීලරතන හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.

ඉන් අනතුරුව, අක්කරේපත්තුව ප්‍රදේශයේ පිහිටි 241 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරතවූ ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා අබේකෝන් විසින් පිළිගත්තේය. මෙම සංචාරය අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති එම බලසේනාවේ භටපිරිස් ඇමතූවේය.

මෙම දෙදින සංචාරය අතරතුරදී, සියලුම බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය පරිපාලන, මෙහෙයුම්, සුභසාධන සහ භටපිරිස්වල අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබැලීය.