Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 08:15:35 Hours

නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි සිය බලප්‍රදේශයේ සංචාරයක

පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කළ නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි මේජර් ජෙනරල් නිලාම් හේරත් සැප්තැම්බර් මස 02,03 සහ 17 දින සිය බලප්‍රදේශයේ සංචාරයක නිරතවිය.

ඒ අනුව, නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ඒ යටතේ ස්ථාපිත 11 වන ඉංජිනේරු සේවා බලකාය, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරය කළහ.

මෙම සංචාරය අතරතුරදී, සියලුම අණදෙන නිලධාරින් විසින් එම ඒකකයන් වෙත සපැමිණි අවස්ථාවන්හිදී නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි පිළිගැනීමෙන් අනතුරුවහෙතෙම එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයන් තුළ පැළයක් ද රෝපණය කළහ.තවද, එම සංචාරයන් සනිටුහන් කරමින් ඒකක අණදෙන නිලධාරින් සහ භටපිරිස් සමඟින් ගනු ලැබු සමුහ ඡායාරූපයන්ට ද එතුමන් එක්වූහ.

පසුව, භටපිරිස් අමතමින් ඔවුන්ගේ සේවය අගය කල නව ආඥාපතිඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි භටපිරිස් සමගින් සුහදව අදහස්හුවමාරු කරගත්හ.නව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි එම කඳවුරු පරිශ්‍රයන් තුළ සිදුකළ සංචාරය අවසානයේ නික්ම යාමට ප්‍රථම එම සංචාරයන් සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් තැබීය.