Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 08:30:35 Hours

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් ආශීර්වාද පිංකමකට සිය සහයෝගය දක්වයි

කොවිඩ්-19 වෛරසය මෙරටින් තුරන් වේවායි යන අධීෂ්ඨානය පෙරදැරීව සියලුම ශ්‍රී ලාංකීකයින්ට ආශීර්වාද එක් කිරීමේ සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් සහ දානමය පිංකමක් හිඟුරක්ගොඩ ජයමග මහා පිරිවනේදී පසුගියදා පැවැති අතර ඒ සඳහා 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

මෙම ආශීර්වාද පිංකම ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ලබාදුන් උපදෙස් මත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න ගේ සහයෝගය ඇතිව 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරි ඇතුළු භටපිරිස් විසින් සංවිධානය කෙරිණි. එහිදී, අලංකාරවත් අයුරින් පිරිත් මණ්ඩපය සකස් කිරීම සඳහා භටපිරිස් අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාව අවසානයේ පසුදින මහා සංඝරත්නය විශයෙහිලා දානමය පිංකමක් ද පැවැත්විණි.