Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2021 15:10:12 Hours

යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර රාජකාරි අරඹයි

යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර රාජකාරි කටයුතු භාරගත්තේය.

බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම ආරක්‍ෂක අමාත්‍යාංශයේ සන්නිවේදන උපදේශක තනතුර හෙබවිය. මීට ප්‍රථම යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ අධ්‍යක්‍ෂ ධූරය හෙබවු බ්‍රිගේඩියර් එස්.ඩි. උදයසේන හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් අජිත් වික්‍රමසේකර එම ධූරයට පත්විය.

රාජකාරී භාරගැනීමේ අවස්ථාවට එම ශාඛාවේ මාණ්ඩලික නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව සිටියහ.