Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2021 12:30:09 Hours

වවුනියාව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ගැටළු පිළිබඳ තවදුරටත් සොයාබලයි

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධීකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (13) දින වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තවත් එක් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්වීය. එම අවස්ථාව සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා, වවුනියාව කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින් සහභාගී වූහ.

සෞඛ්‍ය අංශ, පොලීසිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින් අතර පවතින සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, දිස්ත්‍රික්කය තුළ බලපැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය හා කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ නිසි යාන්ත්‍රණය සහ වැළැක්වීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වීය.

මෙහිදී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය මහේන්ද්‍රන් මහතා කරුණු පැහැදිලි කරමින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සහ අනවශ්‍ය සංචරණයන් තවදුරටත් සීමා කිරීම සහ එමඟින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම පාලනය කිරීම පිළිබඳ කරුණු දැක්වූවේය.